"සල්ලි වලට වැඩ නොකර ඔබ වෙනුවන් සල්ලි වැඩ කරවන්න" "Don't work for money. Make it work for you." –Robert Kiyosaki


හරි අපි කලින් ලිපියේ කතා කලේ, ෆොරෙක්ස් ට්‍රේඩ් කරද්දී හරි කරන්සි පෙයාර් එකක් තෝරාගන්නේ කියන එක. එතනදී අපි වැඩිපුර කතා කරා ඇමරිකන් ඩොලරය ගැන. අද ලිපියෙන් අපි කතා කරන්න යන්නේ ඇමරිකන් ඩොලරය මෙච්චරම වැදගත් වෙන්නේ ඇයි කියන එක ගැන.

ඔක්කොටම කලින් අපි ෆොරෙක්ස් මාකට් එක අනිත් මාකට් එක්ක වෙනස් වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනි. අපි දන්න ස්ටොක් මාකට් වල,  එක මුලස්තානයක් තියෙනවා. හැබැයි ෆොරෙක්ස් වල එහෙම එක මුලස්තානයක් හරි මධ්‍යගත තැනක් හරි නෑ. ෆොරෙක්ස් මාකට් එක OTC (Over the counter) මාකට් එකක් නැත්තම් Inter-Bank (බැංකු අතර) මාකට් එකක් විදියට තමයි සලකන්නේ. සියලුම ගනුදෙනු වෙන්නේ ඉලෙක්ට්‍රොනිකව, අන්තර්ජාලය හරහා.

ඉතින් ගොඩක් දෙනෙක්ට පහසුවෙන් මේකට සම්බන්ධ වෙන්න පුළුවන් නිසා, මේ මාකට් එක ලෝකේ ලොකුම සහ වැඩිම පිරිසක් සහභාගී වෙන මාකට් එක බවට පත් වෙලා තියෙනවා.

ඒ වගේම ට්‍රේඩ් කරන අයට සම්පුර්ණ නිදහස තියෙනවා එයාලට කැමති වෙලාවට, කැමති විදියට,  කැමති ප්‍රමාණ වලින් ගනුදෙනු කරන්න.

හරි අපි දැන් කතා කරමු මේ ලිපියේ ප්‍රධාන මාතෘකාව ගැන. ඇමරිකන් ඩොලරය. පහල ප්‍රස්ථාරයේ තියෙනවා ෆොරෙක්ස් මාකට් එකේ වැඩියෙන්ම ගනු දෙනු වෙන මුදල් වර්ග ටික. ඔයාලට පැහැදිලිව පේනවා මුළු මාකට් එකේ ට්‍රේඩ් වෙන මුදල් සියල්ල අතරින් 80% කට එහා ආධිපත්‍ය පතුරවාගෙන ඉන්නේ ඇමරිකානු ඩොලරය.


ඉතින් අපි කලින් ලිපියේ කතා කරපු Major Currency Pairs හැදෙන්නෙත් USD සමග සම්බන්ධ වෙලා.

අන්තර්ජාතික මුදල් පිලිබඳ අරමුදලට (IMF) අනුව ලොව පුරා තියෙන මුදල් සංචිත වල 65% ක්ම තියෙන්නේ USD. මේ හේතුවට අමතරව පහල හේතුත් USD, ෆොරෙක්ස් මාකට් එකේ රජ කරන්න හේතු වෙලා තියෙනවා.



  • ඇමරිකාවේ තමයි ලෝකේ ලොකුම ආර්ථිකය තියෙන්නේ
  • ඉතා විශාල සමාගම් බොහොමයක් තියෙන්නේ ඇමරිකාවේ.
  • ඒ වගේම ඇමරිකාවේ දේශපාලන පද්ධතිය අනික හැම රටකටම වඩා ස්ථායි.
  • ඒ වගේම මුළු ලෝකෙන්ම බලවත්ම හමුදා බලය තියෙන්නෙත් ඇමරිකාවට.
  • ඒ වගේම ලොව පුරා සිදුවන ගොඩක් ගනු දෙනු වලදී මුදල් ගනු දෙනු වෙන්නේ USD වලින්
උදාහරණයක් විදියට සවුදි අරාබිය බොරතෙල් විකුනන්නේ USD වලින්. හිතන්නකෝ එතකොට ලංකාවට බොරතෙල් ගෙන්න අපි ඉස්සෙල්ලම අපේ රුපියල් විකුනලා USD මිලට අරන් ඉන්න ඕනි.

හරි ඔය ටික තමා ඇමරිකන් ඩොලරය සම්බන්ධව අපිට කතා කරන්න තියෙන්නේ. මන් ලිපිය අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ෆොරෙක්ස් මාකට් එක සම්බන්ධ තවත් වැදගත් කරුණක් සාකච්ඡා කරලා.

අපි දැන් සරලව දන්නවා ෆොරෙක්ස් මාකට් එකේ වෙන්නේ වෙන කරන්සි එකකට සාපේක්ෂව එක කරන්සි එකක් අඩුවට මිලට අරන් වැඩි වෙනකන් ඉදලා විකුණන එක කියලා. මෙතැනදී අවධාරණය කරලා කියන්න ඕනි මේ ලෝකේ කව්රුවත් නෑ 100%ක් හරියටම ඊලගට මාකට් එකේ මොකක්ද වෙන්නේ කියලා කියන්න පුළුවන්.

ගොඩක් දෙනෙක් මාකට් එකේ ට්‍රේඩ් කරන්නේ අනුමාන කරලා. මේ අනුමාන නිවැරදි අනුමාන වෙන්න අපිට ගොඩක් ක්‍රමවේද භාවිතා කරන්න පුළුවන්. අපි ඉදිරි පාඩම් වල ඒවා විස්තර සහිතව කතා කරනවා.

ඉතින් මෙහෙම හැමෝම අනුමානයට ගනු දෙනු කරන නිසා එකම වෙලාවේ දෙන්නෙක් දෙපැත්තට ගනු දෙනු කරන්න පුළුවන්. ඒ වගේම ෆොරෙක්ස් මාකට් එක සතියේ දින වල පැය 24 ම ක්‍රියාත්මක වෙන නිසා, ඒ ඒ රටවල වැඩි පිරිසක් ගනු දෙනු කරන වෙලාවල් අනුව අපි කරන ගනු දෙනු වලට බලපෑම් ඇති වෙන්න පුළුවන්. මේ පිළිබඳවත් අපි විස්තර සහිතව ඉදිරියට කතා කරමු.

එහෙනම් අද ලිපියට මෙච්චරයි. ඊලග ලිපියෙන් හමු වෙමු.
ජයවේවා!

හරි. අපි කලින් ලිපි වල කතා කරේ ෆොරෙක්ස් මාකට් එක හැදිලා තියෙන විදිය ගැන. දැන් එතකොට ඔයාලා දන්නවා අපි ෆොරෙක්ස් වල ට්‍රේඩ් කරන්නේ කරන්සි පෙයාර්ස් (යුගල) කියලා.

දැන් තමයි වැදගත්ම කොටස. ෆොරෙක්ස් මාකට් එකේ කරන්සි පෙයාර්ස් ගොඩක් තිබ්බා කියලා අපි ඒ හැම එකකින්ම ගනුදෙනු කරන්න යන්න හොඳ නෑ. එකට හේතුව තමයි සමහර රටවල් වල ආර්ථික වෙනස් වීම් ඉතා හෙමින් වෙන එක. හැබැයි වඩා බලගතු ආර්ථිකයන් තියෙන රටවල නිතර නිතර මේ අගයන් වෙනස් වෙනවා. අන්න එහෙම වෙනස් වෙන එක ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්න පහසුයි.


කව්රුත් දන්නා දෙයක්නේ ලෝකේ ලොකුම ආර්ථිකය තියෙන්නේ ඇමරිකාවේ කියලා. ඉතින් ෆොරෙක්ස් මාකර්ට් එකේ රජ කරන්නේ ඇමරිකන් ඩොලරය (USD) කිව්වොත් නිවැරදියි. ෆොරෙක්ස් මාකට් එකේ 50% කට වැඩියෙන් USD සම්බන්ධ වෙනවා.

ඉතින් මේ USD සමග වෙනත් බලවත් ආර්ථික තියෙන රටවල් වල මුදල් එකතු වෙලා හැදෙන කරන්සි පෙයාර්ස් වල ලොකු වෙනස් වීමක් දකින්න පුළුවන්. මේ කරන්සි පෙයායර් Majors (මෙජර්ස්) කියලා හදුන්වනවා!


පහල ලිස්ට් එකේ තියෙන්නේ ඒ කරන්සි පෙයාර්ස් ලිස්ට් එක. ඉතින් ඔයා ට්‍රේඩින් වලට යනවා නම් මේ වගේ Currency Pair එකක් තෝරාගන්න එක ඉතා හොඳයි!


Currency PairCountriesFX Geek Speak
EUR/USDEuro zone / United States“euro dollar”
USD/JPYUnited States / Japan“dollar yen”
GBP/USDUnited Kingdom / United States“pound dollar”
USD/CHFUnited States/ Switzerland“dollar swissy”
USD/CADUnited States / Canada“dollar loonie”
AUD/USDAustralia / United States“aussie dollar”
NZD/USDNew Zealand / United States“kiwi dollar”
 USD සම්බන්ධ නැති වෙනත් රටවල් වල Currency Pairs වලට අපි කියන්නේ Cross Currency Pairs (ක්‍රොස් කරන්සි පෙයාර්ස්) නැත්තම් (Crosses) කියලා.

ඉතින් මේ Crosses වලත් බලවත් රටවල් ඒ කියන්නේ යුරෝ (EUR) , ජපන් යෙන් (JPY) , බ්‍රිතාන්‍ය පවුම් (GPB) සම්බන්ධ උනාම ඒවට කියන්නේ Major Crosses / Major Cross Currency Pairs කියලා.
ඒ වගේම ඒවා Minors (මයිනර්ස්) කියලත් හදුන්වනවා!

ඔය කියපු Major-Crosses වල ලිස්ට් එකක් තමයි පහල තියෙන්නේ.

Euro Crosses

Currency PairCountriesFX Geek Speak
EUR/CHFEuro zone / Switzerland“euro swissy”
EUR/GBPEuro zone / United Kingdom“euro pound”
EUR/CADEuro zone / Canada“euro loonie”
EUR/AUDEuro zone / Australia“euro aussie”
EUR/NZDEuro zone / New Zealand“euro kiwi”

Yen Crosses

Currency PairCountriesFX Geek Speak
EUR/JPYEuro zone / Japan“euro yen” or “yuppy”
GBP/JPYUnited Kingdom / Japan“pound yen” or “guppy”
CHF/JPYSwitzerland / Japan“swissy yen”
CAD/JPYCanada / Japan“loonie yen”
AUD/JPYAustralia / Japan“aussie yen”
NZD/JPYNew Zealand / Japan“kiwi yen”

Pound Crosses

PairCountriesFX Geek Speak
GBP/CHFUnited Kingdom / Switzerland“pound swissy”
GBP/AUDUnited Kingdom / Australia“pound aussie”
GBP/CADUnited Kingdom / Canada“pound loonie”
GBP/NZDUnited Kingdom / New Zealand“pound kiwi”

Other Crosses

PairCountriesFX Geek Speak
AUD/CHFAustralia / Switzerland“aussie swissy”
AUD/CADAustralia / Canada“aussie loonie”
AUD/NZDAustralia / New Zealand“aussie kiwi”
CAD/CHFCanada / Switzerland“loonie swissy”
NZD/CHFNew Zealand / Switzerland“kiwi swissy”
NZD/CADNew Zealand / Canada“kiwi loonie”
මේ කරන්සි පෙයාර්ස් වලට අමතරව තව වර්ගයක් තියෙනවා Exotic Pairs කියලා. මේවා තමයි Major Currency එකක් ඉක්මනින් දියුණු වෙන ආර්ථිකයක් තියෙන අරක කරන්සිය සමහ එකතු වෙලා හදන කරන්සි පෙයාර්ස්.
උදාහරණ විදියට අපිට බ්‍රසීලය, මෙක්සිකෝව, හංගේරියාව හදුන්වන්න පුළුවන්.

මේ වගේ කරන්සි පෙයාර්ස් වලින් අයින් වෙලා ඉන්න එක තමයි හොඳ. මොකද මේ වගේ ඒවගේ ගැනුම් විකුණුම් සඳහා ය කරන ගාස්තු සාමාන්‍යයෙන් වැඩි.


හරි, අද ලිපියෙන් අන්තිමට අපි කතා කරන්න ගන්නේ ගැනුම් මිල සහ විකුණුම් මිල ගැන. අපි කලින් කතා කලානේ ෆොරෙක්ස් මිල නියම වෙන විදිය ගැන. ඉතින් මෙහෙම මිල නියම වෙද්දී ගැනුම් සංධා වෙනම මිලකුත් විකුණුම් සඳහා වෙනම මිලකුත් නියම වෙනවා. ඔයාල තේරුම් ගන්න ඕනි වැදගත්ම දේ තමයි ඕනෑම වෙලාවක ගැනුම් මිල ගත්තොත් ඒ වෙලාව්වේ විකුණුම් මිල ඊට වඩා අඩුයි. වැඩි උනා නම් අපිට ගත්ත ගමන් විකුනලා ලාබ ගන්න පුළුවන්නේ.

එතකොට මේ ගැනුම් මිලයි විකුණුම් මිලයි අතර පරතරය අපි Spread (ස්ප්‍රෙඩ්) කියලා හදුන්වනවා.
එතකොට මේ ස්ප්‍රෙඩ් එක අඩු කරන්සි පෙයාර් එක තෝරාගන්නවා කියන්නේ අපිට වාසියි.


හරි. අපි මේ ආටිකල් එකෙන් කතා කරේ ගනුදෙනු වලට හරියන කරන්සි පෙයාර් තෝරාගන්න හැටි.
මෙතැනදී Majors සහ Crosses තමා අපි තෝරාගන්න ඕනි, ඒ දෙකෙනුත් Majors තෝරගන්නවා නම් වඩා හොඳයි.

ඒ වගේම ස්ප්‍රෙඩ් එක අඩු කරන්සි පෙයාර් එකක් තෝරාගන්න එක අපිට වාසි.

එහෙනම් ඒ කාරනා ටිකත් මතක තියාගෙන ඊළඟ ලිපියෙන් හමුවෙමු!
-ජයවේවා!




කොහොමද හැමෝටම? හරි. අපි කලින් ලිපියේ කතා කරේ ෆොරෙක්ස් මාකට් එක හැදිලා තියෙන විදිය සහ එකේ මුලික කරුණු කිහිපයක් ගැන.

අද අපි කතා කරන්න යන්නේ ෆොරෙක්ස් වල විකුණන දේවල් ගැන. සරලම උත්තරේ තමයි සල්ලි. මොකද අපි කිසිම භෞතික භාණ්ඩයක් මෙහිදී මිලට ගන්නේ නෑ. කලින් ලිපියේ කිව්වා වගේ අපි ඇත්තටම ගන්නේ වෙන රටක සල්ලි. සාමාන්‍යයෙන් වෙන රටක මුදල් වලට වටිනාකම (හුවමාරු අනුපාතය, නැත්තම් විනිමය අනුපාතය) ඒ රටේ ආර්ථිකය නිරුපණය කරනවා.

උදාහරණයක් විදියට මේ දවස් වල එක ඩොලර් එකක් ගන්න ලංකාවේ රුපියක් 150කට ආසන්න අගයක් වියදම් වෙනවා. ඒකෙන් කියන්නේ ලංකාවේ ආර්ථිකයට සාපේක්ෂව ඇමරිකාවේ ආර්ථිකය ශක්තිමක් කියලා.
එතකොට කාට හරි හිතෙන්න පුළුවන් ඇයි අපිට රුපියල් අච්චු ගහල ඇමරිකන් ඩොලර් ගන්න බැරි කියලා.
ඒකට හේතුව තමයි අපි ඇමරිකන් ඩොලර් ඉල්ලන්න ඉල්ලන්න ඒකට තියෙන ඉල්ලුම වැඩි නිසා එයාලා ඩොලරයේ ගණන් වැඩි කරනවා. එතකොට දැන් රුපියල් 150 කට ගන්න පුළුවන් ඩොලරය 200 කාටවත් ගන්න බැරි වෙයි.

හරි. එතකොට අපි වෙන රටක මුදල් මිලට ගන්නවා කියන්නේ ඒ රටේ ආර්ථිකයෙන් කොටසක් මිලට ගන්නවා වගේ වැඩක්. එතකොට ඒ රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්න වෙන්න අපි අර ගත්ත මුදල් වල වටිනාකමත් වැඩි වෙනවා. හැබැයි ඒ රටේ ආර්ථිකය දුර්වල උනොත් අපි ගත්ත මුදල් වල වටිනාකම අඩු වෙනවා.

එතකොට ඔයාලට පැහැදිලි ඇති මේ මුදල් හුවමාරුව හැම වෙලේම වෙන්න මුදල් වර්ග දෙකක් අතර. එතකොට යම් කිසි වෙලාවක ඒ මුදල් හුවමාරු වෙන අනුපාතය තමයි විනිමය අනුපාතය කියන්නේ.

විනිමය අනුපාත නිරුපණය කරන්න පහසු වෙන්න හැම මුදල් වර්ගයකට අකුරු 3ක සංකේතයක් දීලා තියෙනවා. පලවෙනි අකුරු දෙකෙන් රටේ නමත් අන්තිම අකුරෙන් මුදල් වල නමත් නිරුපණය වෙනවා

උදාහරණයක් විදියට ඇමරිකන් ඩොලරය නිරුපණය කරන්න USD කියන සංකේතයෙන්.
මෙහි US කියන අකුරු දෙකෙන් United Nation කියලත් D අකුරෙන් Dollar කියලත් අදහස් වෙනවා.

Forex මාකට් එකේ විකිනෙන ප්‍රමාන අනුව වැඩියෙන්ම ගනු දෙනු වෙන කරන්සි ටික අපි Major Currencies (මේජර් කරන්සි) කියල  හදුන්වනවා.

පහත වගුවේ තියෙන්නේ ඒ Major Currencies ටික.

සංකේතය රට Currencyඅපනාමය (Nickname)
USDUnited StatesDollarBuck
EUREuro zone membersEuroFiber
JPYJapanYenYen
GBPGreat BritainPoundCable
CHFSwitzerlandFrancSwissy
CADCanadaDollarLoonie
AUDAustraliaDollarAussie
NZDNew ZealandDollarKiwi
එහාට වගුවේ තියෙන කරන්සි වලට දාල තියෙන එක එක නම් මතක තියාගන්න පුළුවන් නම් හොඳයි. Forex ට්‍රේඩ් කරන ය ගොඩක් බහුලව ඒ නම් වලින් තමයි මේ කරන්සි හදුන්වන්නේ.

එතකොට මේ කරන්සි දෙක අතර විනිමය අනුපාතය අපිට පහත ආකාරයට නිරුපණය කරන්න පුළුවන්.

USDCAD - 1.1345

මේ කොටස හොඳටම කියවලා තේරුම් ගන්න.

මෙහිදී පළමු වෙනියට තියෙන කරන්සි එක Base Currency එක කියලත් දෙවැනියට තියෙන කරන්සි එක Counter Currency කියලත් හදුන්වනවා. මෙතැනදී අදහස් වෙන්නේ Base Currency එකෙන් එක කොටසක් මිලට ගන්න Counter Currency එකෙන් කොටස් කීයක් අවශ්‍ය වෙනවද කියන එක.

අපි ගත්ත උදාහරණයට අනුව ඇමරිකන් ඩොලර් එකක් ගන්න කැනේඩියන් ඩොලර් 1.1345 ක් අවශ්‍ය වෙනවා.

එතකොට  මේ අගය  ඉහල යනවා කියන්නේ ඇමරිකන් ඩොලර් එකක් ගන්න අවශ්‍ය කැනේඩියන් ඩොලර් ගාන වැඩි වෙනවා කියන එක. ඒ කියන්න ඇමරිකන් ඩොලරයේ  අගය  ඉහල යනවා කියන  එක. ඒ වගේම  අනිත් පැත්තට කැනේඩියන් ඩොලරයේ අගය පහල යනවා කියන එක.

 ඒ වගේම 1.1345 කියන අගය පහල යනවා කියන්නේ ඇමරිකන් ඩොලර් එකක් මිලට ගන්න අවශ්‍ය කැනේඩියන් ඩොලර් ප්‍රමාණය අඩු වෙනවා කියන එක. ඒ කියන්නේ ඇමරිකන් ඩොලරයේ මිල පහළටත් කැනේඩියන් ඩොලරයේ මිල ඉහළටත් යනවා කියන එක.

ඒ නිසා මේ අගය ඉහල ගියත් පහල ගියත් මුදල් වර්ග දෙකෙන් එකක් ඉහල යන නිසා අපිට ඒ ඉහල යන මුදල් වර්ගය මිලට අරන් මිල ඉහල ගියාම විකුනලා ලාබ ගන්න පුළුවන්.

ඔන්න ඕකයි සරලවම ෆොරෙක්ස් මාකට් එකේ වෙන්නේ.


හරි එහෙනම්, මේ ලිපියට මෙච්චරයි, අපි ඊලග ලිපි වලින් තවත් මුලික කරුණු කිහිපයක් ගැන කතා කරමු.
මතක තියන්න අවශ්‍යම දේ තමයි හැම දෙයකටම මුලික අත්තිවාරම ඉතා වැදගත්, ඒ නිසා මේ පලමු අදියරේ ලිපි ඉතා උවමනාවෙන් කියවන්න.

මොනා හරි ගැටළු තියෙනවා නම් පහල කමෙන්ට් එකක් දාලා අපිව සම්බන්ධ කරගන්න පුළුවන්.

එහෙනම් ඊලග ලිපියෙන් හමුවෙමු!
ජයවෙවා!



ගොඩක් දෙනෙක් ෆොරෙක්ස් කරන්න පටන් ගත්තට අඩුම ගානේ ෆොරෙක්ස් මාකට් එකේ වෙන්නේ මොකක්ද කියලවත් හරි අවබෝධයක් නෑ. අපි ෆොරෙක්ස් නෙමේ මොන දේ කරත් හරි අවබෝධයෙන් ඒ දේ කරොත් සාර්ථක වෙන්න පුළුවන්.

"දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග" කියනවනේ.

හරි, එහෙනම් අපි මුලින්ම පොඩි උදාහරණයක් එක්ක ෆොරෙක්ස් වල ඇත්තටම වෙන දේ පැහැදිලි කරගමු.

හිතන්න ඔයා ලංකාවේ සල්ලි ටිකක් මල්ලක දාගෙන ඇමරිකාවට ගියා කියලා. ඔයා දැන් ඇමරිකාවේ ඉදන් ලංකාවේ සල්ලි කඩයකට දීලා බඩු ගන්න හදනවා. පුලුවන්ද? බෑනේ. ඒකට හේතුව තමයි ඇමරිකාවේ බාවිත වෙන්නේ ලංකාවේ පාවිච්චි කරන රුපියල් නෙමේ. ඩොලර්. ඉතින් මේ වගේ එක එක රට වල පාවිච්චි වෙන්නේ විවිධ විවිධ සල්ලි වර්ග.

මේ වෙලාවට කරන්න තියෙන්නේ අපේ අතේ තියෙන රුපියල් ටික ඇමරිකන් ඩොලර් වලට මාරු කරගන්න එක. හිතන්න දැන් ඔයා ඒ සල්ලි ටක මාරු කරගන්න ඇමරිකාවේ බැංකුවකට ගියා කියලා, ඔයා බැංකුවට රුපියල් 1000ක් දුන්නම බැංකුවෙන් ඔයාට දෙනවා ඩොලර් 10ක්. ඒ කියන්නේ එක ඩොලර් එකක් රුපියල් 100ක් වෙනවා.


මේ වෙලාවේදී රුපියල් විකුනලා ඩොලර් මිලට ගන්න නිසා ෆොරෙක්ස් මාකට් එකට සහබාහි වීමක් සිද්ද වෙනවා.
දැන් ඔන්න ප්‍රශ්නයක්. කවුද මේ රුපියල් 100 ට එක ඩොලර් එකක් දෙනවා කියලා තීරණය කරේ? ඇත්තටම් මේක ෆොරෙක්ස් කරන හැමෝටම එන ප්‍රශ්නයක්. ඒ වගේම අනිවාර්යයෙන් තේරුම් ගන්නම ඕනි දෙයක්.

හරි. ඉස්සෙල්ලම අපි මේ සල්ලි කියන දේ පැහැදිලි කරගමු. සල්ලි නැති නම් මුදල් කියන්නේ එක් එක රටවල් වල රජය මැදිහත් වෙලා මුද්‍රණය කරන කඩදාසි හෝ කාසි වලට. රජයට පුළුවන් මේ සල්ලි කියන දේ ඕනි තරම් අච්චු ගහන්න. හැබයි රටක් ඇතුලේ සංචරණය වෙන සල්ලි ප්‍රමාණය වැඩිවෙන්න වැඩිවෙන්න ඒකෙ වටිනාකමත් පහල බහිනවා.

නිකමට හිතන්න ගංවතුර ඇවිත් එළවලු සවුත්තු වෙන කාලෙට මාකට් එකේ එළවලු කොච්චර ගණන්ද. හැබයි සමහර කාල තියෙනවා එළවලු වලට පයින් ගහගෙන යන. සල්ලිත් ඒ වගේම තමයි. වැඩි වෙන්න වැඩි වෙන්න එකේ වටිනාකම පහල බහිනවා.

ඒක පහල බහින්නේ මෙහෙමයි. උදාහරණයකට හිතන්න එක බේකරියක දවසට පාන් ගෙඩි 10ක් හදනවා. ලංකාවේ ආණ්ඩුවෙන් සල්ලි වැඩිපුර අච්චු ගහලා ඒ සල්ලි මිනිස්සු අතට ගියාම පාන් ගත්තේ නැති මිනිහටත් පාන් ගන්න හිතෙනවා. ඔන්න ඒ නිසා දැන් අර පාන් ගෙඩි 10ම උදේම ඉවර වෙනාවා. බේකරියේ මුදලාලි කල්පනා කරනවා මේකට මෙච්චර ඉල්ලුමක් තියෙන එකේ මන් මේක තව ගණන් වැඩි කරලා දෙනවා කියලා.

ඔන්න ඊලග දවසේ පාන් මිල ඉහල යනවා.  එතකොට දැන් පාන් ගෙඩියක් ගන්න වැඩි රුපියල් ප්‍රමාණයක් ඕනි. ඒ කියන්නේ රුපියලේ බලය අඩු වෙලා. රුපියල පා වෙනවා කියන්න ඔන්න ඕකට තමා.

අපි මේ පොඩි උදාහරණයක් ගත්තට රටක් විදියට දිනපතා කොච්චර ගනු දෙනු වෙනවද කියලා හිතලා බැලුවම පොඩ්ඩක් ඔලුව කුරුවල් වෙනවා. හැබැයි කොහොම උනත් වෙන්නේ අපි බේකරියේ කතා කරපු සරල දේම තමයි.

මේ දැන් අපි කතා කරේ අපේ රට ඇතුලේ ගනදෙනු වෙන විදියනේ. හැබැයි අපිට වෙන රටවල් එක්ක ගනුදෙනු කරන්න වෙනවා.

උදාහරණයක් විදියට ලංකාවට ඇමෙරිකාවේ  සුද්දෙක් ඇවිත් හෝටලයක් හදන්න යනවා නම් එයා එයාගේ අතේ තියෙන ඩොලර් ටික අපේ බැංකුවට දීලා රුපියල් ගන්න ඕනි. ඒ වගේම කලින් උදාහරනේ ගත්තා වගේ අපි වෙන රටකට ගියොත් ඒ රටේ ගනුදෙනු කරන්න අපේ අතේ තියෙන රුපියල් විකුනලා ඒ රටේ මුදල් අපි ගන්න ඕනි.

ඔන්න අපි දැන් තමා අපේ ප්‍රශ්නෙට එන්නේ. කවුද මේ රුපියල්වලට ඩොලර් මෙච්චරයි දෙන්නේ කියලා තීරණය කරන්නේ??

හරි. දැන් හිතන්න අර ඇමරිකා සුද්දා ලංකාවට ඇවිත් ඩොලර් 1000ක් දීලා දොලර් දාහට හරියන්න රුපියල් ඉල්ලනවා කියලා. එතැනදී ලංකාවේ රුපියල් වලට පොඩි ඉල්ලුමක් එනවා. එතකොට අර පාන් කඩේ මුදලාලි වගේ අපිට පුළුවන් ගණන් උස්සන්න. නෑ මන් ඔයාට ඩොලර් එකට රුපියල් 100ක් දෙන්නේ නෑ රුපියල් 90යි දෙන්න පුළුවන් කියල.

අන්න එතැනදී රුපියල් වල ඉල්ලුම වැඩි වෙනවා.

තව උදාහණයක් කිව්වොත් ඇමරිකාවේ ඇපල් සමගාමේ භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ චීනේ.
එතකොට මේ බාන්ඩ නිෂ්පානය කරන්න අමුද්‍රව්‍ය ගන්න, වැඩ කරන සේවකයන්ට ගෙවන්න ඇමරිකාවේ ඇපල් සමාගමට සිද්ද වෙනවා එයාලගේ තියෙන ඩොලර් , චීනේ යුවාන් වලට මාරු කරන්න. මෙතැනදී යුවාන් වලට ඉල්ලුමක් ඇතිවෙනවා. ඒ වගේම එයාලා අතේ තියෙන ඩොලර් විකුනලා යුවාන් ගන්න නිසා ඩොලර් වල වටිනාකම පහල බහිනවා.


මේ වගේ ආනයන අපනයන විතරක් නෙමේ, ආයෝජන, සංචාරක, ප්‍රාවාහන, තෙල්, මේ හැම දෙයක්ම රටවල් අතර ගනු දෙනු වෙන නිසා එක එක රටවල් වල තියෙන මුදල් වලට තියෙන ඉල්ලුම එක එක වෙලාවට වෙනස් වෙනවා.

ඉතින් මේ වෙලාවට ඒ ඒ රටවල් වල මුදල් සම්බන්ධ ඉන්න මහ බැංකු සහ ලොකු මුල්‍ය ආයතන තීරණය කරනවා ඉල්ලුම අනුව ඒ මුදල් අනුපාත වෙනස් කරන්න. (පාන් කඩේ මුදලාලි ගණන් ඉස්සුවා වගේ තමයි)

මෙහෙම කරන එකෙන් ඒ රටේ මුදල් වලට වැඩි වටිනාකමක් ලැබෙන නිසා තමයි ඒවාට වෙනම මහබැංකු පත් කරලා මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. මේ මගින් රටක ආර්ථිකය වඩා ශක්තිමත්ව තියාගන්න පුළුවන් කම ඒ ඒ රටවල් වලට ලැබෙනවා.

මෙහෙම එක එක රටවල මුදල් හුවමාරු වෙන විදිය කොච්චර ලොකුද කියනවා නම් දවසකට ඩොලර් ට්‍රිලියන 5.3ක් වටිනා මුදල් මේ විදියට හුවමාරු වෙනවලු.

ඉතින් මේ විදියට ආනයන, අපනයන, ආයෝජන වැඩ වලට සල්ලි හුවමාරු වෙන අතරේ අපි වගේ මඩිය තද කරගන්න මුදල් ගනුදෙනු කරන කට්ටියක් ඉන්නවා. ඒ අයට තමයි ප්‍රොෆෙෂනල් ෆොරෙක්ස් ට්‍රේඩර්ස්ලා කියන්නේ.


මේ කට්ටියගේ මුලික අරමුණ වෙන රටක ආයෝජනය කරන්නවත්, වෙන රටකට ගිහින් ඒ රටේ සල්ලි වියදම් කරන්න වත් නෙමේ. මුදල් හුවමාරු වෙන අනුපාත වෙනස් වෙන නිසා, ඒක වාසියට අරන්,  අඩුවට අරන් වැඩියට දීලා ලාබ  ගන්න එක.


හරි, එහෙනම් දැන් ඔයාලට පැහැදිලි අවබෝධයක් තියෙන්නේ ඕනි


  • සල්ලි කියන්නේ මොනාද? 
  • සල්ලි වල වටිනාකම අඩු වැඩි වෙන්නේ කොහොමද?
  • එක් සල්ලි වර්ගයක් වෙන සල්ලි වර්ගයකට හුවමාරු වෙනකොට හුවමාරු අනුපාතය වෙනස් වෙන්නේ කොහොමද?  කියන කාරනා ගැන.
ඔයාලට මොනා හරි ගැටළු තියෙනවා නම්, පහල කමෙන්ට් කරන්න, ඒ වගේම ඔබගේ අදහස්, යෝජනා එහෙම අපි එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා ඔන්න.

එහෙං ඊළඟ ලිපියෙන් හමුවෙමු.

-ජයවේවා!

author
Sinhala-FX
මුල සිට, සරලව, දන්න සිංහලෙන් ෆොරෙක්ස් ඉගෙන ගන්න Sinhala-FX සමග එකතු වෙන්න.
අදියර 8කින් යුත් ලිපි මාලාවේ පළමු අදියර කියවා මුදල් උපයන්න පටන් ගන්න!

Forex Sinhalen | Forex Trading | Forex Tutorials