හරි. අපි කලින් ලිපි වල කතා කරේ ෆොරෙක්ස් මාකට් එක හැදිලා තියෙන විදිය ගැන. දැන් එතකොට ඔයාලා දන්නවා අපි ෆොරෙක්ස් වල ට්‍රේඩ් කරන්නේ කරන්සි පෙයාර්ස් (යුගල) කියලා.
දැන් තමයි වැදගත්ම කොටස. ෆොරෙක්ස් මාකට් එකේ කරන්සි පෙයාර්ස් ගොඩක් තිබ්බා කියලා අපි ඒ හැම එකකින්ම ගනුදෙනු කරන්න යන්න හොඳ නෑ. එකට හේතුව තමයි සමහර රටවල් වල ආර්ථික වෙනස් වීම් ඉතා හෙමින් වෙන එක. හැබැයි වඩා බලගතු ආර්ථිකයන් තියෙන රටවල නිතර නිතර මේ අගයන් වෙනස් වෙනවා. අන්න එහෙම වෙනස් වෙන එක ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්න පහසුයි.
කව්රුත් දන්නා දෙයක්නේ ලෝකේ ලොකුම ආර්ථිකය තියෙන්නේ ඇමරිකාවේ කියලා. ඉතින් ෆොරෙක්ස් මාකර්ට් එකේ රජ කරන්නේ ඇමරිකන් ඩොලරය (USD) කිව්වොත් නිවැරදියි. ෆොරෙක්ස් මාකට් එකේ 50% කට වැඩියෙන් USD සම්බන්ධ වෙනවා.
ඉතින් මේ USD සමග වෙනත් බලවත් ආර්ථික තියෙන රටවල් වල මුදල් එකතු වෙලා හැදෙන කරන්සි පෙයාර්ස් වල ලොකු වෙනස් වීමක් දකින්න පුළුවන්. මේ කරන්සි පෙයායර් Majors (මෙජර්ස්) කියලා හදුන්වනවා!
පහල ලිස්ට් එකේ තියෙන්නේ ඒ කරන්සි පෙයාර්ස් ලිස්ට් එක. ඉතින් ඔයා ට්‍රේඩින් වලට යනවා නම් මේ වගේ Currency Pair එකක් තෝරාගන්න එක ඉතා හොඳයි!
Currency Pair | Countries | FX Geek Speak |
---|---|---|
EUR/USD | Euro zone / United States | “euro dollar” |
USD/JPY | United States / Japan | “dollar yen” |
GBP/USD | United Kingdom / United States | “pound dollar” |
USD/CHF | United States/ Switzerland | “dollar swissy” |
USD/CAD | United States / Canada | “dollar loonie” |
AUD/USD | Australia / United States | “aussie dollar” |
NZD/USD | New Zealand / United States | “kiwi dollar” |
ඉතින් මේ Crosses වලත් බලවත් රටවල් ඒ කියන්නේ යුරෝ (EUR) , ජපන් යෙන් (JPY) , බ්‍රිතාන්‍ය පවුම් (GPB) සම්බන්ධ උනාම ඒවට කියන්නේ Major Crosses / Major Cross Currency Pairs කියලා.
ඒ වගේම ඒවා Minors (මයිනර්ස්) කියලත් හදුන්වනවා!
ඔය කියපු Major-Crosses වල ලිස්ට් එකක් තමයි පහල තියෙන්නේ.
Euro Crosses
Currency Pair | Countries | FX Geek Speak |
---|---|---|
EUR/CHF | Euro zone / Switzerland | “euro swissy” |
EUR/GBP | Euro zone / United Kingdom | “euro pound” |
EUR/CAD | Euro zone / Canada | “euro loonie” |
EUR/AUD | Euro zone / Australia | “euro aussie” |
EUR/NZD | Euro zone / New Zealand | “euro kiwi” |
Yen Crosses
Currency Pair | Countries | FX Geek Speak |
---|---|---|
EUR/JPY | Euro zone / Japan | “euro yen” or “yuppy” |
GBP/JPY | United Kingdom / Japan | “pound yen” or “guppy” |
CHF/JPY | Switzerland / Japan | “swissy yen” |
CAD/JPY | Canada / Japan | “loonie yen” |
AUD/JPY | Australia / Japan | “aussie yen” |
NZD/JPY | New Zealand / Japan | “kiwi yen” |
Pound Crosses
Pair | Countries | FX Geek Speak |
---|---|---|
GBP/CHF | United Kingdom / Switzerland | “pound swissy” |
GBP/AUD | United Kingdom / Australia | “pound aussie” |
GBP/CAD | United Kingdom / Canada | “pound loonie” |
GBP/NZD | United Kingdom / New Zealand | “pound kiwi” |
Other Crosses
Pair | Countries | FX Geek Speak |
---|---|---|
AUD/CHF | Australia / Switzerland | “aussie swissy” |
AUD/CAD | Australia / Canada | “aussie loonie” |
AUD/NZD | Australia / New Zealand | “aussie kiwi” |
CAD/CHF | Canada / Switzerland | “loonie swissy” |
NZD/CHF | New Zealand / Switzerland | “kiwi swissy” |
NZD/CAD | New Zealand / Canada | “kiwi loonie” |
උදාහරණ විදියට අපිට බ්‍රසීලය, මෙක්සිකෝව, හංගේරියාව හදුන්වන්න පුළුවන්.
මේ වගේ කරන්සි පෙයාර්ස් වලින් අයින් වෙලා ඉන්න එක තමයි හොඳ. මොකද මේ වගේ ඒවගේ ගැනුම් විකුණුම් සඳහා ය කරන ගාස්තු සාමාන්‍යයෙන් වැඩි.
හරි, අද ලිපියෙන් අන්තිමට අපි කතා කරන්න ගන්නේ ගැනුම් මිල සහ විකුණුම් මිල ගැන. අපි කලින් කතා කලානේ ෆොරෙක්ස් මිල නියම වෙන විදිය ගැන. ඉතින් මෙහෙම මිල නියම වෙද්දී ගැනුම් සංධා වෙනම මිලකුත් විකුණුම් සඳහා වෙනම මිලකුත් නියම වෙනවා. ඔයාල තේරුම් ගන්න ඕනි වැදගත්ම දේ තමයි ඕනෑම වෙලාවක ගැනුම් මිල ගත්තොත් ඒ වෙලාව්වේ විකුණුම් මිල ඊට වඩා අඩුයි. වැඩි උනා නම් අපිට ගත්ත ගමන් විකුනලා ලාබ ගන්න පුළුවන්නේ.
එතකොට මේ ගැනුම් මිලයි විකුණුම් මිලයි අතර පරතරය අපි Spread (ස්ප්‍රෙඩ්) කියලා හදුන්වනවා.
එතකොට මේ ස්ප්‍රෙඩ් එක අඩු කරන්සි පෙයාර් එක තෝරාගන්නවා කියන්නේ අපිට වාසියි.
හරි. අපි මේ ආටිකල් එකෙන් කතා කරේ ගනුදෙනු වලට හරියන කරන්සි පෙයාර් තෝරාගන්න හැටි.
මෙතැනදී Majors සහ Crosses තමා අපි තෝරාගන්න ඕනි, ඒ දෙකෙනුත් Majors තෝරගන්නවා නම් වඩා හොඳයි.
ඒ වගේම ස්ප්‍රෙඩ් එක අඩු කරන්සි පෙයාර් එකක් තෝරාගන්න එක අපිට වාසි.
එහෙනම් ඒ කාරනා ටිකත් මතක තියාගෙන ඊළඟ ලිපියෙන් හමුවෙමු!
-ජයවේවා!
No comments:
Post a Comment