ෆොරෙක්ස් කියන්නේ මොකක්ද? (01 කොටස - Forex ගැන මුලික කරුණු)


ගොඩක් දෙනෙක් ෆොරෙක්ස් කරන්න පටන් ගත්තට අඩුම ගානේ ෆොරෙක්ස් මාකට් එකේ වෙන්නේ මොකක්ද කියලවත් හරි අවබෝධයක් නෑ. අපි ෆොරෙක්ස් නෙමේ මොන දේ කරත් හරි අවබෝධයෙන් ඒ දේ කරොත් සාර්ථක වෙන්න පුළුවන්.

"දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග" කියනවනේ.

හරි, එහෙනම් අපි මුලින්ම පොඩි උදාහරණයක් එක්ක ෆොරෙක්ස් වල ඇත්තටම වෙන දේ පැහැදිලි කරගමු.

හිතන්න ඔයා ලංකාවේ සල්ලි ටිකක් මල්ලක දාගෙන ඇමරිකාවට ගියා කියලා. ඔයා දැන් ඇමරිකාවේ ඉදන් ලංකාවේ සල්ලි කඩයකට දීලා බඩු ගන්න හදනවා. පුලුවන්ද? බෑනේ. ඒකට හේතුව තමයි ඇමරිකාවේ බාවිත වෙන්නේ ලංකාවේ පාවිච්චි කරන රුපියල් නෙමේ. ඩොලර්. ඉතින් මේ වගේ එක එක රට වල පාවිච්චි වෙන්නේ විවිධ විවිධ සල්ලි වර්ග.

මේ වෙලාවට කරන්න තියෙන්නේ අපේ අතේ තියෙන රුපියල් ටික ඇමරිකන් ඩොලර් වලට මාරු කරගන්න එක. හිතන්න දැන් ඔයා ඒ සල්ලි ටක මාරු කරගන්න ඇමරිකාවේ බැංකුවකට ගියා කියලා, ඔයා බැංකුවට රුපියල් 1000ක් දුන්නම බැංකුවෙන් ඔයාට දෙනවා ඩොලර් 10ක්. ඒ කියන්නේ එක ඩොලර් එකක් රුපියල් 100ක් වෙනවා.


මේ වෙලාවේදී රුපියල් විකුනලා ඩොලර් මිලට ගන්න නිසා ෆොරෙක්ස් මාකට් එකට සහබාහි වීමක් සිද්ද වෙනවා.
දැන් ඔන්න ප්‍රශ්නයක්. කවුද මේ රුපියල් 100 ට එක ඩොලර් එකක් දෙනවා කියලා තීරණය කරේ? ඇත්තටම් මේක ෆොරෙක්ස් කරන හැමෝටම එන ප්‍රශ්නයක්. ඒ වගේම අනිවාර්යයෙන් තේරුම් ගන්නම ඕනි දෙයක්.

හරි. ඉස්සෙල්ලම අපි මේ සල්ලි කියන දේ පැහැදිලි කරගමු. සල්ලි නැති නම් මුදල් කියන්නේ එක් එක රටවල් වල රජය මැදිහත් වෙලා මුද්‍රණය කරන කඩදාසි හෝ කාසි වලට. රජයට පුළුවන් මේ සල්ලි කියන දේ ඕනි තරම් අච්චු ගහන්න. හැබයි රටක් ඇතුලේ සංචරණය වෙන සල්ලි ප්‍රමාණය වැඩිවෙන්න වැඩිවෙන්න ඒකෙ වටිනාකමත් පහල බහිනවා.

නිකමට හිතන්න ගංවතුර ඇවිත් එළවලු සවුත්තු වෙන කාලෙට මාකට් එකේ එළවලු කොච්චර ගණන්ද. හැබයි සමහර කාල තියෙනවා එළවලු වලට පයින් ගහගෙන යන. සල්ලිත් ඒ වගේම තමයි. වැඩි වෙන්න වැඩි වෙන්න එකේ වටිනාකම පහල බහිනවා.

ඒක පහල බහින්නේ මෙහෙමයි. උදාහරණයකට හිතන්න එක බේකරියක දවසට පාන් ගෙඩි 10ක් හදනවා. ලංකාවේ ආණ්ඩුවෙන් සල්ලි වැඩිපුර අච්චු ගහලා ඒ සල්ලි මිනිස්සු අතට ගියාම පාන් ගත්තේ නැති මිනිහටත් පාන් ගන්න හිතෙනවා. ඔන්න ඒ නිසා දැන් අර පාන් ගෙඩි 10ම උදේම ඉවර වෙනාවා. බේකරියේ මුදලාලි කල්පනා කරනවා මේකට මෙච්චර ඉල්ලුමක් තියෙන එකේ මන් මේක තව ගණන් වැඩි කරලා දෙනවා කියලා.

ඔන්න ඊලග දවසේ පාන් මිල ඉහල යනවා.  එතකොට දැන් පාන් ගෙඩියක් ගන්න වැඩි රුපියල් ප්‍රමාණයක් ඕනි. ඒ කියන්නේ රුපියලේ බලය අඩු වෙලා. රුපියල පා වෙනවා කියන්න ඔන්න ඕකට තමා.

අපි මේ පොඩි උදාහරණයක් ගත්තට රටක් විදියට දිනපතා කොච්චර ගනු දෙනු වෙනවද කියලා හිතලා බැලුවම පොඩ්ඩක් ඔලුව කුරුවල් වෙනවා. හැබැයි කොහොම උනත් වෙන්නේ අපි බේකරියේ කතා කරපු සරල දේම තමයි.

මේ දැන් අපි කතා කරේ අපේ රට ඇතුලේ ගනදෙනු වෙන විදියනේ. හැබැයි අපිට වෙන රටවල් එක්ක ගනුදෙනු කරන්න වෙනවා.

උදාහරණයක් විදියට ලංකාවට ඇමෙරිකාවේ  සුද්දෙක් ඇවිත් හෝටලයක් හදන්න යනවා නම් එයා එයාගේ අතේ තියෙන ඩොලර් ටික අපේ බැංකුවට දීලා රුපියල් ගන්න ඕනි. ඒ වගේම කලින් උදාහරනේ ගත්තා වගේ අපි වෙන රටකට ගියොත් ඒ රටේ ගනුදෙනු කරන්න අපේ අතේ තියෙන රුපියල් විකුනලා ඒ රටේ මුදල් අපි ගන්න ඕනි.

ඔන්න අපි දැන් තමා අපේ ප්‍රශ්නෙට එන්නේ. කවුද මේ රුපියල්වලට ඩොලර් මෙච්චරයි දෙන්නේ කියලා තීරණය කරන්නේ??

හරි. දැන් හිතන්න අර ඇමරිකා සුද්දා ලංකාවට ඇවිත් ඩොලර් 1000ක් දීලා දොලර් දාහට හරියන්න රුපියල් ඉල්ලනවා කියලා. එතැනදී ලංකාවේ රුපියල් වලට පොඩි ඉල්ලුමක් එනවා. එතකොට අර පාන් කඩේ මුදලාලි වගේ අපිට පුළුවන් ගණන් උස්සන්න. නෑ මන් ඔයාට ඩොලර් එකට රුපියල් 100ක් දෙන්නේ නෑ රුපියල් 90යි දෙන්න පුළුවන් කියල.

අන්න එතැනදී රුපියල් වල ඉල්ලුම වැඩි වෙනවා.

තව උදාහණයක් කිව්වොත් ඇමරිකාවේ ඇපල් සමගාමේ භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ චීනේ.
එතකොට මේ බාන්ඩ නිෂ්පානය කරන්න අමුද්‍රව්‍ය ගන්න, වැඩ කරන සේවකයන්ට ගෙවන්න ඇමරිකාවේ ඇපල් සමාගමට සිද්ද වෙනවා එයාලගේ තියෙන ඩොලර් , චීනේ යුවාන් වලට මාරු කරන්න. මෙතැනදී යුවාන් වලට ඉල්ලුමක් ඇතිවෙනවා. ඒ වගේම එයාලා අතේ තියෙන ඩොලර් විකුනලා යුවාන් ගන්න නිසා ඩොලර් වල වටිනාකම පහල බහිනවා.


මේ වගේ ආනයන අපනයන විතරක් නෙමේ, ආයෝජන, සංචාරක, ප්‍රාවාහන, තෙල්, මේ හැම දෙයක්ම රටවල් අතර ගනු දෙනු වෙන නිසා එක එක රටවල් වල තියෙන මුදල් වලට තියෙන ඉල්ලුම එක එක වෙලාවට වෙනස් වෙනවා.

ඉතින් මේ වෙලාවට ඒ ඒ රටවල් වල මුදල් සම්බන්ධ ඉන්න මහ බැංකු සහ ලොකු මුල්‍ය ආයතන තීරණය කරනවා ඉල්ලුම අනුව ඒ මුදල් අනුපාත වෙනස් කරන්න. (පාන් කඩේ මුදලාලි ගණන් ඉස්සුවා වගේ තමයි)

මෙහෙම කරන එකෙන් ඒ රටේ මුදල් වලට වැඩි වටිනාකමක් ලැබෙන නිසා තමයි ඒවාට වෙනම මහබැංකු පත් කරලා මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. මේ මගින් රටක ආර්ථිකය වඩා ශක්තිමත්ව තියාගන්න පුළුවන් කම ඒ ඒ රටවල් වලට ලැබෙනවා.

මෙහෙම එක එක රටවල මුදල් හුවමාරු වෙන විදිය කොච්චර ලොකුද කියනවා නම් දවසකට ඩොලර් ට්‍රිලියන 5.3ක් වටිනා මුදල් මේ විදියට හුවමාරු වෙනවලු.

ඉතින් මේ විදියට ආනයන, අපනයන, ආයෝජන වැඩ වලට සල්ලි හුවමාරු වෙන අතරේ අපි වගේ මඩිය තද කරගන්න මුදල් ගනුදෙනු කරන කට්ටියක් ඉන්නවා. ඒ අයට තමයි ප්‍රොෆෙෂනල් ෆොරෙක්ස් ට්‍රේඩර්ස්ලා කියන්නේ.


මේ කට්ටියගේ මුලික අරමුණ වෙන රටක ආයෝජනය කරන්නවත්, වෙන රටකට ගිහින් ඒ රටේ සල්ලි වියදම් කරන්න වත් නෙමේ. මුදල් හුවමාරු වෙන අනුපාත වෙනස් වෙන නිසා, ඒක වාසියට අරන්,  අඩුවට අරන් වැඩියට දීලා ලාබ  ගන්න එක.


හරි, එහෙනම් දැන් ඔයාලට පැහැදිලි අවබෝධයක් තියෙන්නේ ඕනි


  • සල්ලි කියන්නේ මොනාද? 
  • සල්ලි වල වටිනාකම අඩු වැඩි වෙන්නේ කොහොමද?
  • එක් සල්ලි වර්ගයක් වෙන සල්ලි වර්ගයකට හුවමාරු වෙනකොට හුවමාරු අනුපාතය වෙනස් වෙන්නේ කොහොමද?  කියන කාරනා ගැන.
ඔයාලට මොනා හරි ගැටළු තියෙනවා නම්, පහල කමෙන්ට් කරන්න, ඒ වගේම ඔබගේ අදහස්, යෝජනා එහෙම අපි එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා ඔන්න.

එහෙං ඊළඟ ලිපියෙන් හමුවෙමු.

-ජයවේවා!

Next ෆොරෙක්ස් කියන්නේ මොකක්ද? (02 කොටස - Forex වල විකුණන්නේ මොනවද?)

2 comments:

author
Sinhala-FX
මුල සිට, සරලව, දන්න සිංහලෙන් ෆොරෙක්ස් ඉගෙන ගන්න Sinhala-FX සමග එකතු වෙන්න.
අදියර 8කින් යුත් ලිපි මාලාවේ පළමු අදියර කියවා මුදල් උපයන්න පටන් ගන්න!

Forex Sinhalen | Forex Trading | Forex Tutorials